පංගුනි තිංගල්
‘පංගුනි තිංගල්’ හෙවත් මාර්තු මාසයේ සඳුදාවන් උතුරු අර්ධද්වීපයේ කන්නගී අම්මන් කෝවිල්වල විශේෂිත සුභ දවස් ලෙස සලකණු ලබයි. තිංගල් යනු දෙමළ භාෂාවෙන් සඳුදා සඳහා භාවිතා වන වචනය වන අතර හින්දු කැලන්ඩරය අනුව පංගුනි යනු මාර්තු මැද සිට අප්‍රේල් මැද දක්වා විහිදෙන මාසයයි. පංගුනි මාසය දෙමළ සිංහල අලුත් අවුරුද්දට දින කිහිපයකට පෙර අවසන් වන අතර සාමාන්‍යයෙන් එම දිනය අප්‍රේල් 12 සහ 15 අතර වේ.
පංගුනි තිංගල් සැමරීම කන්නගී අම්මන් කෝවිල් වලට පමණක් සීමා වන්නක් නොවන අතර කොක්කුවිල්හි නන්දාවිල් ප්‍රදේශයේ කට්පුලාතු මනෝන්මනි අම්බාල් කෝවිලේ එය සමරනු ලබන ආකාරය පිළිබඳව http://tamilweek.com/news-features/archives/267 හි දැක්වෙන විස්තරයෙන්ද තහවුරු කර සිටින පරිදි එය උතුරේ සියලු අම්මන් කෝවිල්වල සිදුකෙරෙන්නකි. කන්නගී අම්මන්, දුර්ගා අම්මන්, කාලි අම්මන්, මාරිඅම්මන්, පෙඑචි අම්මන්, අතුලු අම්මන් හෝ කට්පුලාතු අම්මන් යන කවර නමකින් හඳුන්වනු ලැබූවද ඒ සියල්ලන්ම ශිව දෙවියන්ගේ බිරිඳ වන ශක්ති, නොඑසේනම් ස්ත්‍රී දිව්යමයභාවයේ පුනරුත්පත්තිය වන පාර්වතීගේ රූපාකාරයන් යැයි උතුරේ බොහොමයක් බැතිමත්තු විශ්වාස කරති. එබැවින් කවර හෝ අම්මන් කෝවිලකට වන්දනාමාන කිරීමෙහි වෙනසක් නොමැත.
කෙසේවෙතත්, පන්රිතලච්චි කන්නගී අම්මන් කෝවිලේ දී කන්නගී අම්මන් බැතිමතුන් කණ්ඩායමක් විසින් ඉතා සිත් අලවන අයුරින් විස්තර කළහ: “සෑම අම්මන් දේවතාවියක් සමඟ බැඳුනු සුවිශේෂී කථාවක් පවතී. කන්නගී අම්මන් කථා පුවත සුප්‍රකට දෙමළ සාහිත්‍යයේ සිළුමිණ තුල විස්තර කෙරෙයි (අපගේ සිලපදිකාරම් ඡායාරූප විස්තරය බලන්න). කර්පු (පතිව්රතාව නොඑසේනම් භක්තිමත්බව), විඩාමුයච්චි (උට්ඨාන වීර්යය) සහ නීති (යුක්තිය) ඇය විසින් මූර්තිමත් කරයි. මේ හේතුවෙන් ඇය (අනෙකුත් අම්මන් දේවතාවියන්ගෙන්) වෙනස් වේ… යුද්ධය පැවැති කාලය පුරාවටම අප අත්විඳි අසීරුතාවන් පසුකිරීමට අප හට නම්බික්කෛයි (බලාපොරොත්තුව) සැපවූයේ මෙම ගුණාංගයන් ය”.