_MG_9351

ඉතිහාසය

සංස්කෘත භාෂාවෙන් පත්තිනි යන්නෙහි අර්ථය වන්නේ විශ්වාසවන්ත සහ පාරිශුද්ධ භාර්යාව යන්නයි. ලංකාවේ නැගෙනහිර හා උතුරු ප්‍රදේශයන් හි හින්දු ජනයා දකුණු ඉන්දීය වීර කාව්‍යයක් වන්නා වූ සිලප්පදිකාරම් (පා සලඹේ වෘතාන්තය) හි නිර්භය කතානායිකාව වන පත්තිනිගේ මූල රූපාකාරය, කන්නකි-කන්නකායි අම්මන් හෝ අම්මා වන්දනාමාන කරති. මෙම ප්‍රදේශයන් හි බැතිමතුන් විශ්වාස කරන්නේ රැජිනගේ පා සලඹ සොරා ගත්තේ යැයි නොකල වරදකට සිය සැමියාට දඩුවම් දීමේ විපාක ලෙස මදුරා පුරය විනාශ කරන කන්නකි ඉන්පසු ලංකාවට පැමිනෙන බවයි. ඇය ලංකාවට පැමිනෙන්නේ හිත සන්සුන් කර ගැනීමට මෙන්ම දිවයිනේ උතුරු කරයේ ස්ථාන දෙකක් හා නැගෙනහිර ස්ථාන හතක් දැක බලා ගැනීම වෙනුවෙනි. මේ සියල්ල දැනට ප්‍රධාන කන්නකි අම්මන් දේවාල ලෙස පවතී.

කන්නකි පැමිණි මෙම උතුරු හා නැගෙනහිර ස්ථාන පිළිබඳ බොහෝ එකඟතාවයන් හා නොඑකඟතාවයන් පැවතීම පුදුමයට කරුණක් නොවේ. උතුරු කරයේ සමහර බැතිමතුන් කියා පාන්නේ කන්නකි පලමුවෙන් ලංකා පොළව මතට පා තැබුවේ දඹකොල පටුනෙන් (දැන් සම්බුතුරායි) වන අතර නැගෙනහිර දෙසට යාමට පෙර සුදුමලෙයි (මෙහි ඇති කන්නකි අම්මන් කෝවිල රාජරාජේශ්වරී අම්මන් කෝවිල ලෙස නැවත නම් කර ඇත) හා මට්ටුවිල් ( කීර්තිමත් පන්රිතලාචි කන්නකි අම්මන් කෝවිල් පරිශ්‍රය) හි විවේක ගත් බවයි.

අනෙක් බැතිමතුන් විශ්වාස කරන්නේ කෝවලන්ගේ දෙවන පාවාදීමෙන් (ඔහුගේ සිරුරේ කොටස් එකතු කර මසා, ඔහුට නැවත ජීවිතය දුන් විට ඔහු නැගී සිටියේ මාධවී ගේ නම කියමිනි) හදවත බිඳුනු කන්නකි හිස් පහක් ඇති නාග වෙසක් ගෙන ලංකාව තුල අභයස්ථානයක් සෙවූ බව යි. ඈ පලමුවෙන් නවතින්නේ නයිනතිව් හි වන අතර ඉන්පසු සීරානි, අන්ගනම් කඩවායි, අලවෙට්ටි සහ සුරුවිල් (අපූර්ව ලෙස මේ ගමන් මාර්ගයට නාග දේවතාවන් වෙනුවෙන් වන කෝවිල් ඇතුලත් ය) බලා ඉදිරියට යයි. තවත් බැතිමතුන් කණ්ඩායමක් කන්නකි නාග වෙසකින් නයිනතිව් වෙත පැමිණි බවට එකඟ වන අතර ඇය ඉන්පසු ගමන් කරන්නේ කෝපායි, මට්ටුවිල්, වෙලම්බිරායි, කච්චායි, නාග කොයිල්, පුලියම්පොක්කනෙයි හා අවසානයේ වට්රප්පලෙ වෙත බව දැඩිව කියා සිටියි.