![_MG_1414](http://invokingthegoddess.lk/wp-content/uploads/2014/01/MG_1414.jpg)
නැගෙනහිර පලාතේ සමහර බැතිමතුන් කියා සිටින්නේ ඇය ලංකා පොළව මත පා තබන්නේ “පැමිනෙන ස්ථානය” යන අරුත් ඇති වන්තරමූලයි වලින් වන අතර මිනිස් ජනාවාස මධ්‍යයේ පිහිටි අනෙකුත් කෝවිල් බොහෝ ඝෝෂාකාරී ලෙස සැලකූ නිසා ඇය අවසානයේ කෝරාවේලි (කිරාන්) හි වනාන්තරය සිය වාසභවනය කර ගන්නා බවයි. කෙසේ වුවත්, ඈ පැමිනෙන දස වන ස්ථානය මුල්ලායිතිව් හි වට්රප්පලෛයි වන බවට උතුරු හා නැගෙනහිර ප්‍රදේශ දෙකේ ම බහුතරයක් බැතිමතුන් හා යාතු කර්ම සිදුකරන්නන් අතර එකඟතාවයක් ඇත. වට්රපලෛයි යන්න බිඳී ගොස් ඇත්තේ පත්තප්පලෛයි (පත්තම් – දසවැනි සහ පලෛයි – නවාතැන් පොල) යන එහි මූල නාමයෙන් බවට ඇති තර්කය ඔස්සේ මෙම විශ්වාසය වඩාත් තහවුරු වෙයි.
ශ්‍රී ලංකාවේ වෙසෙන බෞද්ධයන් අතර ඇති ජනප්‍රිය විශ්වාසය වන්නේ පත්තිනි මෑනියෝ නොඑසේනම් පත්තිනි අම්මා වන්දනාමාන කිරීම දිවයිනට හදුන්වා දෙන ලද්දේ ක්‍රි.ව. 2 වන සියවසේ දී බවයි. ඔවුන් නිතර උපුටා දක්වන්නේ රාජ්‍යත්වය පිළිබඳ ඓතිහාසික ආඛ්‍යානය වන රාජාවලිය (17 වන සියවසේ ලියාවුනා විය හැකි) යි. එහි කියවෙන පරිදි, ගජබාහු රජු චෝල රාජධානියෙන් (අද තමිල්නාඩුව) ලාංකීය සිරකරුවන් 12000 ක් නිදහස් කරගෙන (ඊට අමතරව තවත් 12000ක් චෝල වැසියන් සිරකරුවන් ලෙස ගෙන) එන විට, “පත්තිනි දේවතාවියගේ පා සලඹ ද දේවාල හතරක දෙවිවරුන්ගේ නිළ අබරන ද වලගම්බා රජ සමයේ පැහැරගෙන යන ලද ධාතු පාත්‍රය ද ලංකාවට රැගෙන එයි” (1900: 48).
ලංකාවේ ගජබාහු පසුව සිය අගනුවර දේවාලයක් ඉදි කර පත්තිනි සලඹ එහි තැන්පත් කල බව කියමින් සමහර බැතිමතුන් හා යාතුකර්ම සිදුකරන්නන් මෙම සිදුවීම සිලප්පදිකාරම් හි සිදුවීම් හා සම්බන්ධ කරයි. පත්තිනිට පුද සැලකිලි පැවැත්වීම වෙනුවෙන් පත්තිනි සලඹ සමග ඔහුගේ අගනුවර ප්‍රදක්ෂිනා කළ පෙරහැර ආරම්භ කිරීමේ ගෞරවය ද ගජබාහු ට හිමිවෙයි. සිලප්පදිකාරම් හි පුරාතන සංස්කාරක සටහනක් ලෙස විශ්වාස කරනු ලබන්නක මෙම සිදුවීම් සදහන් කර ඇත : “ලංකාවේ ගජබාහු පත්තිනිට දිනපතා පුද පෙත් පැවැත්වීමට යාගහෝම අල්තාරයක් ද සහිත පූජනීයස්ථානයක් ඉදි කලේ ය. ‘ඇය දුර්භාග්‍ය කාලය අවසන් කර භාග්‍ය උදා කරනු ඇතැයි’ සිතමින් ඔහු අදි මාසයන් හි වාර්ෂික උත්සවයක් ද ස්ථාපිත කලේ ය. ඉන්පසු කලට වැසි වැස්සේ ය: අස්වැන්න සරු විය, ඉඩකඩම් සමෘද්ධියෙන් උතුරා ගියේ ය” (පාර්තාසරති 1993: 278, එසේම බලන්න රාසනායගම් 1984 : 74).