![IMG_3426](http://invokingthegoddess.lk/wp-content/uploads/2014/01/IMG_3426.jpg)
ගජබාහු රජු චෝල රාජධානිය වෙත යන විට යගදාවකින් ගසා මුහුද දෙබෑ කර චෝල අගනුවර වෙත ඇවිද යාම සිහිපත් කරමින් සියලු පත්තිනි දේවාලයන් හි සේම නුවර දලදා මාලිගාවේ (සාමාන්‍යයෙන් වාර්ෂික පෙරහැරෙන් පසු) ද සිදු කරන දිය කපන මංගල්‍යයට ද නිශ්චිත යාතුකර්ම සිදුකරන්නන් පිරිසක් සම්බන්ධ වී සිටිති. මේ සිදුවීම ගම්මඩු උත්සව අතරතුර සමහර අවස්ථාවන් හි රගදක්වන ගජබා කතාව මගින් කියවෙයි (ඔබේසේකර 1978).
සිංහල බෞද්ධ (ථෙරවාද) දේවමන්ඩලය තුල ගෞරවනීය ස්ථානයක් අත් කර ගත් එකම ස්ත්‍රී දේවතාවා වන්නේ පත්තිනි ය. ඇය ලංකාවේ සතරවරම් දෙවිවරුන් ගෙන් කෙනෙක් ලෙස සැලකෙන අතර අගෝස්තු මාසයේ නුවර නගරය වටා බුදුන් ගේ දන්ත ධාතුව ගෙන යන වඩාත් වැදගත්ම පූජනීය බෞද්ධ සංදර්ශනයක් වන වාර්ෂික ඇසල පෙරහැර තුල ද ඇය නියෝජනය වනු ලබයි. එසේම පත්තිනි සරුබවේ හා නිරෝගී බවේ දේවතාවිය වන අතර බුදුදහමේ එක් මුරදේවතාවෙක් ද වෙයි. ඇය බුදුවීමට පෙරුම් පුරන බෝධිසත්ව වරියක් ලෙස ද සැලකෙයි.
බෞද්ධයන්ගේ හා හින්දුන්ගේ සමහර ආගමික අදහස් ශාස්ත්‍රීය මතාන්තර මගින් ද යටපත් කර ඇත. උදාහරනයක් ලෙස, සමහර ශාස්ත්‍රඥයන් තර්ක කර ඇත්තේ ගජබාහු රජු කන්නකිගේ පාද සලඹ රැගෙන නැවත ලංකාවට පැමිණෙන්නේ දඹකොල පටුන හරහා වන අතර ඔහුගේ පලමු නැවතුම් පල වන්නේ ඔහු ඇය වෙනුවෙන් දේවාලයක් ඉදි කල අන්ගනමායි කඩවෙයි බවයි. මෙම උපකල්පනය, දිවයිනේ පැරණිම කන්නකි කෝවිල මෙම ප්‍රදේශයේ ස්ථාන ගත වී ඇති බවත් එයට මුහුණලා ගජබාහු ගේ විය හැකි රජකෙනෙකුගේ යෝධ පිළිමයක් තනා තිබූ බවටත් වන තර්කය මගින් සාධාරණීකරනය කෙරෙයි. රාසනායගම් (1926) ට අනුව සියවසකට පමණ පෙර මෙම පිළිමය අලියෙකු විසින් විනාශ කර දමන ලද අතර පසු කලෙක පී.ඊ. පීරිස් දැරණියගල විසින් එහි හිස හා පාද කෝවිල් පරිශ්‍රයේ තිබී සොයා ගන්නා ලදි. එම කොටස් යාපනය කෞතුකාගාරයේ තැන්පත් කරන ලදි.
බොහෝ බැතිමතුන් සේම මෙම ශාස්ත්‍රඥයන්ගෙන් සමහරක් ද රාජාවලියේ හා සිලප්පදිකාරම්හි එන සිදුවීම් දෙක ඒකාබද්ධ කරන්නේ ගජබාහු ගේ චෝල වස්තූන් හා සිරකරුවන් පැහැර ගැනීම සිදුවන්නේ ඔහු සෙන්ගුත්තුවන් රජුගේ චේර රාජධානිය තුල පළමු කෝවිල පත්තිනිට කැප කරන අවස්ථාවට සහභාගී වන විට බව උපකල්පනය කරමිනි. මෙම වැරදි සම්මිශ්‍රනය කිරීමට උදාහරණයක් ලෙස 2004 ජනවාරි 11 වන දින ඉරිදා ඔබ්සවර් පුවත්පතේ ආරියදාස රත්නසිංහගේ ලිපිය දැක්විය හැකි ය.
රන් පත්තිනි සලඹ ද ඇගේ පිළිමයක් ද ඇතුලු විෂ්නු, ස්කන්ධ, නාථ යන දෙවිවරුන්ගේ පිළිම ද සමග පත්තිනි ඇදහිල්ල ලංකාවට ගෙන එනු ලබන්නේ ගජබාහුක ගාමිනී (112-134) රජු විසිනි. එසේ සිදුවන්නේ ඔහු, වංකනාසිකතිස්ස (109 – 112) රජු දවස චෝල රජු විසින් ලංකාව ආක්‍රමණය කර ඉන්දියාවට රැගෙන ගිය සිංහලයන් 20000 සමග තවත් චෝල වැසියන් 20000 ක් ද රැගෙන ආපසු ලංකාවට පැමිනෙන විටයි. සිංහලයන් 20000 ට සමාන ගණනක් චෝල වැසියන් එවීමට සෙන්ගුත්තුවන් රජු ගජබාහුක ගාමිනී රජු සමග සම්මුතියකට එළඹියේ ය.