![IMG_1813](http://invokingthegoddess.lk/wp-content/uploads/2014/01/IMG_1813.jpg)
උදාහරණයක් ලෙස http://karava.org/religious/the_pattini_cult වෙබ් අඩවිය ගජබාහු කරාව රජකෙනෙකු ලෙස කියාපාන අතරම ඔහුව 12 වන සියවසේ පාලනය කල දෙවන ගජබාහු ලෙස නොව පළමු වන ගජබාහු ලෙස වැරදියට වටහා ගැනීම ගැන “වෙනත් අභිප්‍රායන් ඇති ඉතිහාසඥයන්ට” වරද පටවයි. ඔබේසේකර සදහන් කර ඇත්තේ 12 වන සියවස යනු සිලප්පදිකාරම් රචනා වීම සමග “ස්පර්ශීය ලෙස යා කිරීමට පරක්කු වැඩි දිනයක්” බවයි (1984: 363). එසේම මෙම වෙබ් අඩවිය රාජාවලියේ ඇතුලත් සිදුවීම සිලප්පදිකාරම් වෙත පවරයි. උත්ප්‍රාසාත්මක ලෙස , මෙම වෙබ්අඩවිය ඔබේසේකරගේ ප්‍රවාදයට පෝෂනය සපයන්නේ කරාව කුලයේ තවමත් පත්තිනි – හෙන්නදිගේ වැනි කුල නාම ඉතිරි වී ඇති බවත් සමහර පරම්පරාගත නිවාස පත්තිනි ගෙදර ලෙස හඳුන්වන බවත් දක්වමිනි.
විශිෂ්ඨ නර්තන රචකයෙකු වන අරුන්දතී ශ්‍රී රංගනාදන් විසින් මනිමේකලායි සහ සිලප්පදිකාරම් වීරකාව්‍ය අනුවර්තනය කර 2013 ඔක්තෝබරයේ නිර්මාණය කරන ලද මේඛලා නම් මතකය අවුස්සන නර්තන නාට්‍යයේ නිෂ්පාදන සටහනෙහි ප්‍රබල ලෙස දක්වා ඇත්තේ, “දෙවන ගජබාහු විසින් පත්තිනි ඇදහිල්ල ලංකාවට හඳුන්වා දීම හුදු පුරාවෘත්තයක් විය නොහැකි බවයි”.
සිංහල බෞද්ධයන් අතර පත්තිනි ඇදහීම සම්භවය වූ ආකාරය පැහැදිලි කිරීමට රාජාවලිය ආඛ්‍යානය පුනරාවචනය කරන බාලසුකුමාර් (2009) දෙමළ හින්දූන්ගේ ඇදහීම සම්බන්ධයෙන් විකල්ප න්‍යායක් ඉදිරිපත් කරයි. ඔහුට අනුව, ක්‍රි.ව. දෙවන සියවසේ දී ඉලන්ගෝ අදිගාල් කවියා සිලප්පදිකාරම් ලියන විට දෙමළ ස්වදේශිකයන් විසින් පවසනු ලැබ තිබූ වඩා පැරණි කතාන්තර ඇතුලත් කර ඇත (මීට සමාන තර්කයන් සත්කුනම් 1976 ඉදිරිපත් කරයි.). මේ කාලය අතර තුර ලංකාව ඉන්දියාවේ කොටසක් ව තිබී ඇති අතර භූ විද්‍යාත්මක වෙනස් වීම් මත එය වෙන් වන විට කන්නකි පිළිබඳ කතාව හා ඇදහීම ලංකාව තුල ඉතිරි විය. සිංහල හා දෙමළ සම්ප්‍රදායන්ගේ සම්මිශ්‍රණයක් පෙන්නුම් කරන, මධ්‍යකාලීන යුගය තුල දකුණු ඉන්දියාවේ පැවතුනු ජන සම්ප්‍රදායකින් පරිනාමය වූ පන්තිස් කොල්මුර වැනි සිංහල පඨිතයන් ගේ වියහැකියාව යෝජනා කරමින්, ඔබේසේකර විසින් මතුකරන ලද සැකයන්ට ආමන්ත්‍රණය කල එකම ශාස්ත්‍රඥයා සෙනෙවිරත්න (2003) පමණි.
කෙසේ වුවත්, අවිවාදිත කරුනක් වන්නේ කන්නකි-පත්තිනි ඇදහීම සියවස් ගනනක් පුරා ලංකාව තුල පරිහානියට පත් වන විට, නැගෙනහිර පලාතේ එය අඛන්ඩව වර්ධනය වූ බවත් ඊට මදක් අඩු ප්‍රමාණයන්ගෙන් උතුරු, වයඹ, උතුරු මැද, මධ්‍යම, ඌව, සබරගමුව හා බස්නාහිර පලාත් වල වර්ධනයක් පෙන්නුම් කරන බවත් ය. පෘතුගීසි හා ලන්දේසි යටත්විජිත හිමියන් අතින් ඇගේ දේවාල හා කෝවිල් කොල්ලකනු හා ගිනිතබනු ලැබිණ. විවිධ නිකායන්ගේ ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් ඇගේ බොහෝ බැතිමතුන් බලහත්කාරයෙන් හෝ/හා කැමැත්තෙන් බදවා ගනු ලැබින. එසේ වන විට දී පවා ඇගේ දේවාල හා කෝවිල් නොනැසී පැවතුනේ ය.
අපට හමු වූ බෞද්ධ හා හින්දු බැති මතුන් පැවසුවේ මඩු හි කන්‍ය මරිය තුමිය වෙනුවෙන් ඇති කතෝලික පල්ලිය කලින් කන්නකි-පත්තිනි කෝවිලක් බව යි. රගුපති (1987) සේම බ්‍රිතාන්ය ජාතික සිවිල් සේවකයෙකු වන ආර්. ඩබ්ලිව්. අයිවර්ස් ගේ ‘ලංකාවේ උතුරු මැද පලාතේ අත්පොත’ ද මෙම විශ්වාසය තහවුරු කරයි. එම අත්පොතේ මෙසේ සඳහන් වෙයි, “වර්තමානයේ පූජාවන් ගෙන යනු ලබන්නේ මඩු හි ශාන්ත මරියා දේවස්ථානයට යි. මෙහි එන බෞද්ධ හා බොහෝ දෙමළ වන්දනා කරුවන් විසින් සලකනු ලබන්නේ මෙය පත්තිනි දේවාලය (අම්මන් කෝවිල) ලෙස යි”. ඔබේසේකර දක්වන්නේ, ඔහු විසින් සම්මුඛ සාකච්ඡාවන්ට භාජනය කල වාර්ෂික උත්සව සමයේ මඩු පල්ලිය වන්දනා කරන බෞද්ධයන් සරලව විශ්වාස කරන්නේ ඔවුන් පත්තිනි දේවතාවිය වන්දනා කරන බවයි (1984:480). එසේම බැතිමතුන් කොළඹ ආසන්නයේ ඇති ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ද කලින් පත්තිනි දේවාලයක් ලෙස දක්වනු ලැබූ (එම) අතර http://karava.org/religious/the_pattini_cult වෙබ් අඩවිය පහත අදහස ප්‍රකාශ කරයි:
“පෘතුගීසි පාලනය යටතේ දී කෝට්ටේ රාජධානියේ බටහිර වෙරළ තීරයේ වූ පත්තිනි දේව ශාන්ත ආනා දේවස්ථාන මගින් ප්‍රතිස්ථාපනය කරනු ලැබූ අතර මාරිඅම්මන් කෝවිල් ශාන්ත මරියා දේවස්ථාන මගින් ප්‍රතිස්ථාපනය කරනු ලැබින. පෘතුගීසි කාලයේ සිට පැවත එන සමහර ශාන්තා ආනා දෙව්මැදුරු වත්තල, බෝලවලාන, මීගමුව, පලඟතුරයි සහ තලවිල පිහිටා ඇත. පලඟතුරේ පිහිටා ඇති නිසා මීගමුව උතුර කොච්චිකඩේ ශාන්ත ආනා පල්ලිය වැදගත් වේ. මක්නිසා ද යත්, පලඟතුරේ වරාය නම් කර ඇත්තේ පාලඟ නම් වන පත්තිනි දේවතාවියගේ වල්ලභයාගේ නමිනි.”
පසුකාලීනව ආරුමුග නාවලර් සහ අනගාරික ධර්මපාල වැනි ජාතිකවාදී, ආගමික සංශෝධකයන්/පුනර්ජීවකයන් ද අපේක්ෂා කලේ ද බුදුදහමේ හා හින්දු දහමේ ශුද්ධත්වය අපවිත්‍ර කරන, කන්නකි-පත්තිනි වැනි ආන්තික, ආත්මවාදී (animistic – ජීව අජීව සියල්ලෙහි ආත්මයක් ඇතැයි සිතීම), අනාගමික (සංස්කෘත/බ්‍රාහ්මනික නොවන) දේවතාවන් වන්දනාමාන කිරීම අහෝසි කිරීමට. කන්නකි කෙරෙහි අතිශය විවේචනාත්මක වූ නාවලර් ඈ ජෛන වෙළෙන්දියක් (කාමන කාමයා චෙට්ටි) ලෙස හංවඩු ගැසුවේ ය (රගුපති 1987 හි උපුටා ඇත). උතුරු ප්‍රදේශයේ කන්නකි ට පුද කරන ලද ප්‍රධාන කෝවිල් දුර්ගා, රාජරාජේශ්වරී, භුවනේෂ්වරී සහ පරශක්ති ගේ නමින් යලි නාම ගැන්වුනු අතර ආගමික (සංස්කෘත) මූලධර්මයන්ට අනුව ඒවායේ ගෘහනිර්මාණ ශිල්පයන් සහ යාතුකර්ම ප්‍රති ව්‍යුහගත කෙරුනි. යුද්ධය හේතුවෙන් හානියට පත් හෝ විනාශ වූ වන්නි ප්‍රදේශයේ කන්නකි අම්මන් කෝවිල් ද ආගමික මූලධර්ම වලට අනුව නැවත ගොඩනැගෙන අතර මෑත කාලීනව ඒවාගේ කුඹ අභිෂේකයන් (කැපකිරීම) වෙනුවෙන් සම්පූර්ණ පිටුවේ වෙළඳ දැන්වීම් දෙමළ පුවත් පත් වල පල විය. මෙම යාතුකර්මයන්ගේ වීඩියෝ අන්තර්ජාලයට එක් කරනු ලබන බැවින් ඩයස්පෝරාවේ බැතිමතුන්ට ඔවුන්ගේ දේශීය කෝවිලේ සිදුවීම් වලට සමීපව සිටිය හැකි ය: http://www.youtube.com/watch?v=aZcfA_dRrVs.