![IMG_7017](http://invokingthegoddess.lk/wp-content/uploads/2014/01/IMG_7017.jpg)
අප පත්තිනි-කන්නකි ඇදහීම පිලිබද පර්යේෂන කිරීමට සැලකිය යුතු තරම් කාලයක් වැය කර ඇති නමුත් අපගේ ප්‍රධාන ඉලක්කය වන්නේ ඒ පිලිබඳ දීර්ඝ ශාස්ත්‍රාලීය අර්ථ විවරණයක් සැපයීම නොවේ. ඒවෙනුවට අපේ ඉලක්කය වන්නේ බැතිමතුන්ගේ සන්තෝෂයන් හා සන්තාපයන්, බලාපොරොත්තු හා කාංසාවන් ද පූජා භූමි වල හා පූජා වස්තු වල සුන්දරත්වය ද වර්ණයේ සර්පිලය සහ පූජා නර්තනයේ චලනය ද වතාවත් පැවැත්වීම් හා පෙරහැර ද යනා දී වූ ඇදහීමේ සහ සංකලනයේ දෘෂ්‍ය සමෘද්ධිරංගය ඉදිරිපත් කිරීමයි. ඇත්තෙන්ම, ඡායාරූප ඒවා වෙනුවෙන්ම කතා කරනු ඇති බව අපට නිසැකයි.
සමාජ – සංස්කෘතික මානව විද්‍යාඥ ගනනාත් ඔබේසේකර විසින් කරන ලද ලංකාවේ හා දකුනු ඉන්දියාවේ පත්තිනි-කන්නකි වන්දනාමානය ගැන විස්තීර්ණ හා පෘථුල අධ්‍යයනය වන ද කල්ට් ඔෆ් ගොඩස් පත්තිනි (1984) තුලින් අපේ පර්යේෂණය සැලකිය යුතු තරම් දේ උකහා ගෙන ඇත. කෙසේ වුවත්, ඔබේසේකර පර්යේෂණ කල 1950, 1960, සහ 1970 යන දශකයන් අතර තුර කාලයන්ගේ සිට ලංකාව සේම කන්නකි-පත්තිනි බැතිමතුන්ගේ පූජා භාවිතයන්ද උග්‍ර වෙනස්කම් වලට භාජනය වී ඇත.
ඉතාම වැදගත් කාරණය වන්නේ ඔබේසේකරගේ පර්යේෂණය 1980 සිට 2009 දක්වා දශක තුනක් පුරා පැවති සිවිල් යුද්ධය ඇරඹීමට පෙර අවසන් වීම යි. එසේම වඩා මෑතකාලීන ශාස්ත්‍රාලීය වියමන් හා ආචාර්ය උපාධි නිබන්ධනයන් සේම සිංහලෙන් හා දෙමළෙන් ලියවුණු පුවත්පත් ලිපි හා පොත් පිංච තුලින් ද අපි වැදගත් අන්තර්දෘෂ්ඨීන් ලබා ගත්තෙමු. විශේෂයෙන්ම, Cosmic Horizons & Social Voices by Lindy Warrell (1990), අං කෙළිය: පානම් පත්තුව ඇසුරෙන්, ගුණසේකර ගුණසෝම (1996) & Ilanthil Kannaki Kalacharam by Bala Sukumar (2009) කෘතීන් දැක්විය හැකි ය. අප මෙම වියමන හැකිතාක් පහසුවෙන් කිවවිය හැකි සහ ප්‍රවේශ විය හැකි එකක් කිරීම සදහා ශාස්ත්‍රාලීය පාරිභාෂිත රචනයෙන් වැලකී ඇති අතර පාද සටහන් හා උපුටන හැකිතාක් අවම කර ඇත. ඉතිහාසය කොටස අවසානයේ දී අප මෙම වෙබ්අඩවිය වෙනුවෙන් භාවිත කල ප්‍රභවයන්ගේ ලයිස්තුවක් දක්වා ඇත.
බැතිමතුන්ගේ හා භාවිතයන්ගේ ප්‍රාදේශීය වෙනස්කම් හා විවිධත්වය පිළිබඳ දැනීමක් ලබා ගැනීම වෙනුවෙන් අපි රටේ විවිධ ප්‍රදේශයන්ගේ පත්තිනි සහ කන්නකි දේවාල/කෝවිල් වෙත ගිය අතර ඡායාරූප ගනිමින් සහ බැතිමතුන් හා වතාවත් සිදුකරන්නන් සමග මුසු වෙමින් හැම පූජනීයස්ථානයකම දින කිහිපයක් ගත කළෙමු. අපේ ඡායාරූප රචනාවන්ගෙන් පෙනෙන පරිදිම, අපේ බොහොමයක් ගමන් සැලසුම් කර තිබුනේ දේවතාවිය හා සම්බන්ධ විශේෂ උත්සව හා යාතුකර්ම පැවැත්වෙන දවස් වල ය. මෙම තේමාව පිළිබඳ පර්යේෂණ කරන අතර තුර අපට ඉතා පොහොසත් හා විවිධ වූ වෙබ් අඩවි, බ්ලොග් හා වීඩියෝ පෙළක්ම හමු විය. බොහෝ විට ඒවා බැතිමතුන් විසින් අන්තර්ජාලයට නිකුත් කරනු ලබන කන්නකි හෝ පත්තිනි ගේ ඇදහීම කේන්ද්‍ර කරගත් ඒවා ය. අප මෙම සමහරක් වෙබ් අඩවි හා වීඩියෝ වෙත යන පිවිසුම් ද දක්වා ඇත.