Sharni Jayawardena (photographer) & Malathi de Alwis (socio-cultural anthropologist)


මෙම වෙබ් අඩවිය සහ දිවයිනේ විවිධ පලාත් වල සංචාරය කරනු ලබනු ඇති මෙම ඡායාරූප ප්‍රදර්ශනය සංස්කෘතිය හා සංවර්ධනය සදහා වන ප්‍රින්ස් ක්ලව්ස් අරමුදලෙ හි www.princeclausfund.org මූල්‍ය සහයෝගය නොතිබෙන්නට සිදු කල නොහැකි වනු ඇත. එම නිසා අරමුදලට සුවිශාල ස්තුතියක් පුද කල යුතු ය. එසේම, අපේ පර්යේෂණය හා ඡායාරූප ප්‍රලේඛනයේ ආරම්භයේ පටන් ශ්‍රීලාල් පෙරේරා, තමෝතරම්පිල්ලේ සනාතනන් සහ පකියනාදන් අහිලන් ගේ උද්යෝගීමත් සහය හා ධෛර්යමත් කිරීම වෙනුවෙන් අපගේ අවංක ස්තුතිය පිරිනැමිය යුතු ය. මෙහි සදහන් කිරීමට නොහැකි තරම් ප්‍රමාණයක පිරිසක් වර්ෂය මුළුල්ලෙහිම, ගුණ දොස් හා යෝජනා ඉදිරිපත් කරමින්, පරිවර්තන සපයමින්, ලිපි සොයාදෙමින්, යාතුකර්ම ගැන දැනුමත් කරමින්, විශේෂඥයන් හා අපව සම්බන්ධ කරමින්, අපට නවාතැන් දෙමින් හා දිවයිනේ සියලු අහුමුළු වල අප රැගෙන යමින් අපට උපකාර කලහ.
 
කෙසේ වුවත් මෙම ප්‍රණාමය පුද කිරීමේ දී අප විශේෂයෙන් ණය ගැති වන්නේ පත්තිනි-කන්නකි බැතිමතුන්ට සහ පූජනීයස්ථානය තුල කැමරාවේ නිරන්තර දෘෂ්‍යමාන වීම ඉවසූ, අපේ ප්‍රශ්න වලට දීර්ඝව උත්තර සැපයූ සහ නිර්ලෝභීව සිය දැනුම, කතන්දර හා අත්දැකීම් බෙදාගත් ආගමික වතාවත් මෙහෙයවන්නන්ටයි.

ශානි ජයවර්ධන (ඡායාරූප ශිල්පී) සහ මාලතී ද අල්විස් (සමාජ-සංස්කෘතික මානව විද්‍යාඥ)