සිංහලෙන් අං ඇදීම හෝ අං කෙළිය ලෙසත්, දෙමළෙන් කොම්බු විලෙයාඩු ලෙසත් හඳුන්වනු ලබන්නේ පත්තිනි-කන්නකී පිදීම පිණිස පවත්වනු ලබන යාතුකර්මීය ක්රීඩාවකි. එය පත්තනි-කන්නකී සහ ඇයගේ ස්වාමිපුරුෂයා වූ පාළඟ-කෝවලන් කෙකි දෙකක ආධාරයෙන් සපු මලක් (Michelia champaca) කැඩීමට උත්සාහ කළ පත්තිනි-කන්නකීගේ ජීවිතයේ කෙළිදෙලෙන් ගතකළ යුගයක් හා සම්බන්ධ වූවකි. එහිදී ඔවුන්ගේ කෙකි එකිනෙක පැටලුණු අතර ඔවුහු ඒ දෙක දෙපැත්තට අදින්නට පටන් ගත්හ. පත්තිනි-කන්නගී එහි ජයග්රාහකයා වූ අතර ඇය එයින් ප්රමෝදයට පත්විය. ඇය සිය සේවිකාවන් හා එක්ව අත්පොළසන් දෙමින් නටන්නට පටන්ගත් අතර එය පාළඟ-කෝවලන්ගේ අමනාපයට හේතු විය.